දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කර තිබෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (30) පැවැසීය.

තීන්දුවක් ගත්තානම් ඒ තීන්දුවත් සමඟම සිටිය යුතු බැවින් තමන් පත්කරන කිසිම කෙනෙක් වෙනස් කිරීමට කිසිම කිසිම සූදානමක් නැතැයිද ඔහු කීය.

විපක්‍ෂනායකවරයා මෙසේද කීය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සාකච්ඡා කරන්නේ එකතු වෙන්න නෙවෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ පක්‍ෂ දෙකේම අනන්‍යතාවය ආරක්‍ෂාකරගෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ජයග‍්‍රහණය කරවන්නයි. එහෙම නැතුව එක පක්‍ෂයකට එකතුවීමක් සිදුවෙන්නේ නැහැ. කොහෙම වුනත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පවත්වන සාකච්ඡා සහ ඔවුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පවත්වන සාකච්චාත් බොහෝදුරට සාර්ථක වෙලා තියෙනවා. මේ ආණ්ඩුව නම් දැනටමත් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට බයවෙලා. අපිට ගහන්නේ ඒ නිසයි. කොහොම වුනත් අපි නියම වෙලාවට අපේක්‍ෂකයා ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණත් අපේක්‍ෂකයා ඉදිරිපත් කළා. නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුධ නිසා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්නතවම බැරිවෙලා තියෙනවා. පක්‍ෂ ව්‍යවස්ථාව ඉදිරියට දාලා ඒ අර්බුදය වහගන්න දැන් එයාලා උත්සාහ ගන්නවා. දේශපාලන පක්‍ෂවල ව්‍යවස්ථා ඒ විදියටම ක‍්‍රියත්මක වෙනවානම් හරිම හොඳයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More