විදේශ පුවත්

බලය රැකගත් අගමැතිවරයෙක්

August 30, 2019 2:17 pm | Lanka Lead News

ආණ්ඩුව බිඳ වැටීමෙන් පසුව යළිත් සිය බලය තහවුරු කර ගැනීමට ඉතාලි අගමැති ගුසෙප් කොන්ටෙ සමත් වී තිබේ.

නව සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඉතාලි අගමැති ගුසෙප් කොන්ටෙ හට යළිත් වරම් හිමි වී ඇත.

ඒ ඉතාලි ආණ්ඩුව බිඳ වැටී සතියකට පසුව වීම විශේෂත්වයක්.

ඉතාලියේ වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ තමා ඉල්ලා අස්වන බව එරට අගමැති ගුසෙප් කොන්ටේ ඉකුත් 20 වැනිදා ප්‍රකාශ කළේය.

උප අගමැති සහ අභ්‍යන්තර කටයුතු ඇමති මතෙයෝ සැල්විනි රජයෙන් ඉවත් වීමට ගත් තීරණය සමග ඉතාලි රජය පාර්ලිමේන්තු බහුතරය රහිතව කඩා වැටෙන තත්ත්වයකට පැමිණීම හේතුවෙන් ඔහු එම තීරණයට එළඹියා.

උප අගමැතිවරයා, සැල්විනිට සහාය පලකළ පක්ෂයක නායකයෙකු වන අතර හදිසි මැතිවරණයක් ඉල්ලූ ඔහුගේ අභිලාෂය වුණේ තම ජනප්‍රියත්වයෙන් ප්‍රයෝජන ගෙන එවන් මැතිවරණ ජයග්‍රහනයකින් අග්‍රාමාත්‍යධුරයට පත්විමයි.

කෙසේ වෙතත් ඔහුගේ අපේක්ෂා සුන් කරමින් අගමැති ගුසෙප් කොන්ටෙ සියධූරය රැකගැනීමට අවස්ථාව හිමිවිය.

පසුගිය මහ මැතිවරණයෙන් පසු කොන්ටෙගේ “තරු පහේ ව්‍යාපාරය​” සහ උපඅගමැති සැලිවිනිගේ පක්ෂය අතර සභාග රජයක් පිහිටුවා ගැණුනි.

එහෙත් එම පක්ෂ දෙක අතර විවිධ අවස්ථාවන් හි ගැටුම් ඇතිව තිබේ.

කොන්ටෙගේ ඉල්ලා අස්වීමෙන් පසු ව යම් පක්ෂයකට පාර්ලිමේන්තු බහුතරය පිහිටුවාගත හැක්කේදැයි ඉතාලි ජනාධිපතිවරයා විසින් පරික්ෂා කරනු ලැබීය.

ඒ අනුව තරු පහේ ව්‍යාපාරය සහ මධ්‍ය වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නව සන්ධානයක් පිහිටුවීමට අගමැති ගුසෙප් කොන්ටෙ හට අවසර ලබා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More