දේශීය පුවත්

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි මැතිවරණ වැඩපිළිවෙළ පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මංගල සමරවීර ඇමැතිවරයාගේ නිල නිවසේ පෙරේදා (28) රාත්‍රියේ පැවැති සාකච්ඡාවට සුජීව සේනසිංහ මහතාගේ සහෝදරියකගේ නිවසේ පැවැති සාකච්ඡාවට සහභාගිවූ පිරිසෙන් 20 දෙනෙකු පමණ අඩුව සිටි බව මාධ්‍ය වාර්තා කර තිබේ.

සුජීව මහතාගේ සහෝදරියගේ නිවසේ පැවැති සාකච්ඡාවට 52 නෙකු සහභාගිවී සිටියද මේ සාකච්ඡාවට ඇමැතිවරුන් වන සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 28 දෙනෙකු එක්ව සිටි බව පැවසේ.

මාධ්‍ය වාර්තාවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 32 දෙදෙනෙකු එම සාකච්ඡාට එක්වූ බවට වාර්තා පලවී ඇති අතර එසේ එක්වූ සිවුදෙනෙකු පළාත් සභා මන්ත්‍රීවරු බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙම රැස්වීමේදී රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ඇමැති සජිත් ප්‍රේමදාස පිළිබඳව විදේශීය සමීක්ෂණ ආයතන සිදුකළ වාර්තා පදනම් කර ගනිමින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව පැවසේ.

එම සමීක්ෂණවලින් ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයන් අතර ඉදිරියෙන්ම සිටින බව පැහැදිලි වී ඇතැයි ද එහිදී පවසා තිබේ.

ඇමැති සජිත් ප්‍රේමදාසගේ ඉදිරි ප්‍රචාරක වැඩපිළිවෙළ සහ ලබන මස හතර වැනිදා කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ‘‘සජිත් එනවා’‘ රැලියේ සංවිධාන කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවද පැවසේ.

මේ අතර දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් දෙන දේශපාලන විසඳුම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා පවත්වා ඇති අතර ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ ඒකීය රාජ්‍යක් තුළ 13 ට එහා ගිය විසඳුමක් ලබාදීමට තමා අදහස් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සෘජුවම ජනතාව දැනුවත් කරන ලෙසද ප්‍රේමදාස මහතා රැස්වීමට සහභාගිවූ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More