එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය කඩිනමින් විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ වෙසෙන තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.
අගමැතිවරයාගේ ආරාධනාවක් මත තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ඇමැති රවි කරුණානායකගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට පෙරේදා රාත්‍රී සහභාගි වූහ. පැය දෙකක පමණ කාලයක් මෙම හමුව පැවැති අතර අගමැති රනිල් වික්‍රමසිංහට අමතරව ඇමැතිවරුන් වන දොස්තර රාජිත සේනාරත්න සහ රවී කරුණානායක පමණක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, කොරියාව, කැනඩාව, ජපානය ඇතුළු රටවල් 19ක තානාපතිවරු මෙන්ම මහ කොමසාරිස්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
ජනාධිපතිවරණය සහ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී තානාපතිවරුන් දැනුවත් කර ඇත. පක්ෂයේ මතුව ඇති අර්බුදය කඩිනමින් විසඳන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...