ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනතුරු සිය අපේක්ෂකයා නම් නොකිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 9 (1) වගන්තියට අනුව අපේක්ෂකයා නම් කළ යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය කැඳවීමෙන් අනතුරුව බව පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර පක්ෂ නායකත්වයට පෙන්වා දී තිබේ.
ඒ අනුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා නාම යෝජනා මණ්ඩලයක් පත් කිරීමෙන් පසු ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරාගත යුතු බව නීති ලේකම්වරයා පෙන්වා දී ඇත. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට බලපෑමක් කළ නොහැකි බව ව්‍යවස්ථාවේ සඳහන් වෙයි. එම නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට පෙර අපේක්ෂකයා නම් නොකිරීමට පක්ෂය තීරණය කර ඇත.
පක්ෂ ව්‍යවස්ථාවේ (1) වගන්තියට මෙම කරුණ ඇතුළත් කර ඇත්තේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පක්ෂ නායකත්වය උසුලනු ලැබූ කාලයේදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...