2019 වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂිකාව ලෙස පරිසරවේදීනී ආචාර්ය අජන්තා පෙරේරා නම්කර තිබේ.
1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ඉදිරිපත්වීමෙන් පසුව ජනාධිපතිවරණයට තරග කිරීමට කාන්තාවක් ඉදිරිපත්වන ප්‍රථම අවස්ථාව මෙය ය.
පරිසරවේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේම උපදේශිකාවක ලෙස ද කටයුතු කර තිබේ. ඇය, ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳව මුලිකත්වය ගෙන කටයුතු කරන අතර සමාජ සේවිකාවක ලෙස ද ප්‍රකටය.
පසුගියදා කොළඹ පැවති උත්සවයකදී, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය, සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස ඇයව නම් කළේය.
“මට මෑතකදී හිතුන දෙයක් තමයි ඇයි අපි පාර්ලිමේන්තුවේ තියෙන මේ ළදරු පාසලට උදව් කරන්න යන්නේ කියලා? මොකද ඒගොල්ලන්ගේ අරමුණ මුදල් හම්බකරන එක. ඒ අය පෝසත් වෙනවා. රට පිරිහෙනවා. ඒ නිසා මට ආපු සිතුවිල්ල තමයි මටත් මේ දේශය පාලනය කිරීමට හැකියාවක් තියෙනවනම් ඇයි මම ඒ සියල්ල පැත්තක දාල මේ ළදරු පාසලකට ටියුෂන් දෙන්නේ කියලා,” ආචාර්ය අජන්තා පෙරේරා බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියාය.
“ඒ නිසයි මම තීරණය කළේ මම තරග කරනවා කියලා. මොකද මට මම ගැන විශ්වාසයි. මම නිසා මේ රටට කිසිදු නරකක් වෙන්නේ නැහැ හොඳක් මිසක්,” ඇය කියා සිටියාය.
“අනිවාර්යෙන්ම හොඳ තරගයක් දෙන්න පුළුවන්. එකම දේ තියෙන්නේ මේ රටේ ජනතාව බුද්ධිමත් විය යුතුයි. බොරුවලට රැවටෙන්න හොඳ නැහැ. සමහර අය කියනවා නිවාස හදනවා කියලා මම විශ්වාස කරන දේ තමයි අපි ජනතාවට නිවාස හදලා දෙන්න ඕනේ නැහැ. අපි කරන්න ඕනේ ඒ අයට මුදල් හම්බකරල නිවසක් හදන්න පුළුවන් ආර්ථිකයක් ගොඩ නගන එක. ඒවගේම තව අය කියන දෙයක් තමයි මේ රටේ ආරක්ෂාවට ඒ අයව පත්කරන්න කියලා. අපි ජනතාව සමගි කරනවානම් රටේ ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාව අසමගියෙන් ඉන්න තාක්කල් තමයි රට තුළ ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ.” ආචාර්ය අජන්තා පෙරේරා කියා සිටියාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...