විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තීරණය කර ඇත. ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක ජනාධිපති නිල නිවසේදී පෙරේදා (27 වැනිදා) රාත්‍රියේ හමුවී පැයක පමණ කාලයක් සාකච්ඡා කර ඇත.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ යෝජනාව අගමැතිවරයා ඉදිරිපත් කර ඇත්තේ විපක්ෂ නායකවරයාටය. ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට විපක්ෂ නායකවරයා එකඟත්වය පළ කර ඇති අතර ඒ අනුව මෙම හමුව පැවැති බව වාර්තා වෙයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මෙම කාලය සුදුසු නොවන බවත් එමගින් රට අනතුරේ හෙළීමට තමන්ගේ සූදානමක් නොමැති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර තිබේ. එහිදී ජනාධිපතිවරයාද එය අනුමත කර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ ආකාරයට විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට නොහැකි බව ප්‍රකාශ කර ඇත. මෙම හමුවේදී දෙදෙනාම අවසානයේ තීරණය කර ඇත්තේ විධායක ජනාධිපතිධුරය අහෝසි නොකිරීමටයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත. එහිදී පක්ෂ දෙකෙහි සාකච්ඡා කමිටුව ඉදිරිපත් කරන යෝජනා කෙරෙහි අවධානය යොමු කර අවසන් තීරණයක් ගැනීමට නායකයන් දෙදෙනා මෙහිදී එකඟ වී ඇත.
ඉදිරියේදී පවත්වන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂද සහභාගි කරවා ගැනීමට නායකයන් දෙපළ එකඟ වූ බව වාර්තා වෙයි.
මේ අතර ඇමැති මණ්ඩලය තිස් දෙනකුට සීමා කිරීමේ සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පැවසීය.
එමෙන්ම ජාතික ආර්ථිකය නැංවීමට අදාළව ඉදිරිපත් කළ යෝජනාවන්ටද පොදුජන පෙරමුණ එකඟ වූ බවත් මන්ත්‍රීවරයා කීවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා පොදුජන පෙරමුණු නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වෙන බවද ප්‍රකාශ කළ මහලේකම්වරයා මේ රටේ ඊළඟට ජනාධිපති ධුරයට පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය දක්වන අපේක්ෂකයා යැයිද පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...