ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල විසිපහ සඳහා අනුමත සේවක සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා පත්වීම් කර ඇති බව 2015 – 2018 කාල සීමාව තුල රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා හා දුෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේදී ඊයේ (28) අනාවරණය විය.
අදාළ දිස්ත්‍රික් කාර්යාල 25 අනුමත සේවක සංඛ්‍යාව 2164ක් වූවද මේ වන විට 4500ක් සඳහා පත්වීම් ලබා දී ඇති බව එහිදී හෙළිදරව් විය.
ඉන් 95%ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අය වේ.
හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ අනුමත සේවක සංඛ්‍යාව 77ක් වුවද මේ වන විට 1400ක් සේවයේ නියතුව සිටියි.
වයස අවුරුදු 60ට වැඩි සේවකයින් 31 දෙනෙකු නීති විරෝධිව සේවයේ යොදවා ඇති බවද එහිදී අනාවරණය වී තිබේ. මෙම පත්වීම් සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වන අතර එසේ නොකොට ඔවුන් සේවයට යොදවා තිබේ.
මෙම කොමිසම හමුවේ නිවාස අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරිනි ප්‍රියා පෙරේරා මහත්මිය එම කරුණු අනාවරණය කර තිබේ.
නිවාස සංවර්ධන අධිකාරිය සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස අමාත්‍යංශයට අයත් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...