දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා එක්ව කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡුා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර හමුවක් පෙරේදා (27 වැනිදා) රාත‍්‍රියේ මහගමසේකර මාවත පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව ඉතා සාර්ථක මට්ටමින් පැවැති බව එම පක්‍ෂ දෙකෙහි ආරංචි මාර්ග සඳහන් කළේය.

පැය භාගයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡුාව සඳහා සහභාගිවී ඇත්තේ ජනාධිපතිවරයා සහ විපක්‍ෂ නායකවරයා පමණි.

ඉදිරි මැතිවරණ සඳහා පක්‍ෂ දෙක එක්වීමට අවසන් තීරණය ගැනීමට නායකයින් දෙපළ නැවත වරක් ඉදිරි සතියේදී හමුවීමටද මෙහිදී එකඟතාව පළකර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More