දේශීය පුවත්

රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීම, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීම සහ ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම යන සිද්ධීන් වලට අදාළ නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු තුනක් අද (28) පත් කරන ලදී.

මෙම අපරාධ සිද්ධීන් විශේෂ අපරාධ සිද්ධීන් ලෙස සළකා එම නඩු විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කරන ලෙස නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මීට පෙර අවස්ථාවක කරන ලද ඉල්ලීම් පිළිගනිමින් අදාළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර (සභාපති) නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇත.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධියට අදාළව යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා නිලධාරීන් 09 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකොන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇත.

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇත.

– lankadeepa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More