දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (27) රාත්‍රියේ සිදුව තිබේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ඉදිරියේදී ඇතිකර ගැනීමට යන සන්ධානය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ජා කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම හමුව අතිශය පෞද්ගලික හමුවක් ලෙස සිදුව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අතර ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡාවලින් අනතුරුව එහි නියෝජිතයින් සදහන් කළේ ළඟදීම ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර නව සන්ධානය සම්බන්ධයෙන් හමුවක් සිදුවනු ඇති බවයි.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතරද විශේෂ හමුවක් පසුගිය 26 වනදා රාත්‍රියේදීෙ සිදුවූ බව වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More