දේශීය පුවත්

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ ගේ ආරක්ෂාව දැඩි කරණ ලෙස පලෙයි රෝහලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් වෛද්‍ය සින්නයියා ශිවරූබන් විසින් යාපනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයේ නිලධාරීන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය දා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම අධිකරණ වෛද්‍ය නිලධාරියා ගෙන් සිදුකරන ලබන ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව විසින් තුවක්කුකරුවන් පිරිසක් යොදවා ඇති බවත්, දෙමළ ඩයස්පෝරාවට ඝාතනය කිරීමට අවශ්‍ය පුද්ගලයින් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් ලවා කරවා ගැනීම දුෂ්කර නිසා ඔවුන් ඒ සඳහා පාතාල සාමාජිකයින් යොදවා මෙම ඝාතන සැලැස්ම සැලසුම් කර ඇති බවද මෙහිදී සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් හමුවේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සදහා දෙමළ ඩයස්පෝරාව විසින් අධික මුදලක් පාතාල සාමාජිකයින්ට ගෙවීම සදහා කටයුතු සූදානම් කර ඇති බවටද මෙහිදී ඔහු හෙළිදරව් කොට ඇත.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අමතරව හිටපු අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද සහ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන දෙදෙනාද ඝාතන ලයිස්තුවේ සිටින බව සින්නයියා ශිවරූබන් වෛද්‍යවරයා යාපනයේදී ඔහුගෙන් ප්‍රශ්න කරන යාපනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයේ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

මෙම වෛද්‍යවරයා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ කරුණු අනුව පසුගිය 26 වෙනිදා පලෙයි පොලිස් වසමේ කරන්ඩිය ප්‍රදේශයේ සඟවා තිබු ඒ.කේ.47 වර්ගයේ ගිනි අවියක්, එම අවි වලට යොදා ගනු ලබන මැගසින් දෙකක්, සජීවී පතොරම් 120ක්, ජිව අත්බෝම්බ 11ක්, PE 10 වර්ගයේ බවට සැකකෙරෙන පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක්, දුර දක්නයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසියට හැකිවුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More