දේශීය පුවත්

මොහොමඩ් සහරාන් සමග නුවරඑළිය බ්ලැක්ෆුල් කඳවුරේ හා හම්බන්තොට කඳවුරේ අවි පුහුණුව ලද තවත් සාමාජිකයන් දෙදෙනකු අම්පාර කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ පොල්ගොල්ල, වත්තේගෙදර පදිංචි මොහොමදු රයිසුදින් අබ්දුල් රහමාන් හෙවත් ‘අබු අනස්’ හා සෙයිනුර් ආබ්දීන් හෂිසාල් හෙවත් අබු රාවා යන දෙදෙනාය.

රාජ්‍ය ඔත්තු සේවා ලබාදුන් තොරතුරක් මත අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඩී. එච්. මාරපන යටතේ ඇති කොට්ඨාස අපරාධ ඒකකය මගින් මෙම සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරීම සඳහා ගෙනැවිත් අම්පාර පොලිසියේදී අත්අඩංගුවට ගෙන ඇත.

අබු අහස් නුවරඑළිය කඳවුරේදීත්, අබු රාවා හම්බන්තොට කඳවුරේදීත් පුහුණුව ලබා ඇති අතර ඔවුන් සංවිධානයේ අරමුණු වෙනුවෙන් මරාගෙන මැරෙන දිවුරුම ලබා දුන් අය බවත් හෙළි වී ඇත.

අම්පාර කොට්ඨාස අපරාධ ඒකකය මගින් අන්තවාදීන්ගේ අවි පුහුණුව ලද පහළොස් දෙනකු මේ සමග අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලාගත් දෙදෙනා ජාතික තවුහිද් ජමාත් (NTJ) ජමාතේ මිලාතේ ඉබ්‍රාහිම් (JMI) සංවිධානවල සාමාජිකයන් බව හෙළි වී ඇත.

අරුණ-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More