දේශීය පුවත්

පවතින වංචනික දේශපාලන ක්‍රියාදාමය වෙනුවට ජනතාවගේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් ගෙනෙන සමාජවාදී විකල්පයක් ලෙස එළැඹෙන සැප්තැම්බර් මස මුල සතියේ තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පැවසීය. බත්තරමුල්ල පෙරටුගාමී පක්ෂ කාර්යාලයේදී ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසුවේය.

මේ වන විට ජනාධිපතිවරණය අරුමුණු කරගෙන දේශපාලන පක්ෂ අපෙක්ෂයන් නම් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ දේශපාලන ගැටලු සම්බන්ධයෙන් ඔවුන් විවිධ අදහස් පළ කරනවා. එක්සත් ජාතික පක්ෂයට තාම බැරිවෙලා තියෙනවා අපේක්ෂකයා පත් කරගන්න. විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙන්නෙක් මේ වන විට නම් කරලා තිබෙනවා. පසුගිය අවුරුදු හතරක කාලය තුළම මේ රටේ පැවතුණු රනිල්-මෛත්‍රී පාලනයත් ඉන් පස්සේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන ගිය පාලනය සාධාරණීකරණය කරන්න මේ අපේක්ෂකයෝ ජනාධිපතිවරණයට එන්න ලෑස්ති වෙනවා. එක්සත් ජාතික පක්ෂය සේවය කරලා නෑ රටට. රාජපක්ෂලත් කරපු දෙයක් නෑ. දෙගොල්ලොම කරේ රට විනාශ කරපු එක විතරයි. මේ රටේ ජනතාවට විවිධ බොරු මවා පාලා මේ දේශපාලනඥයෝ ජනතාව අසරණ කරලා. දැන් අපේ රටට අවශ්‍ය දේශපාලන විකල්පයක්. නිවැරදි ආර්ථික විසඳුමක් සහිත ඉදිරි ගමනක් වෙනුවෙන් අපි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.’’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More