විදේශ පුවත්

ඇමසන් වැසි වනාන්තරයේ මේ වනවිටත් පැතිරෙමින් පවතින ගින්න නිවා දැමීම සදහා G7 කණ්ඩායමේ රටවල් විසින් ලබා දීමට නියමිත ආධාර ලබා නොගැනීමට තමන් තීරණය කළ බව බ්‍රසීල රජය පවසයි.

ප්‍රංශ ජනපති එම්මෑනුවෙල් මැක්‍රෝන්ගේ මූලිකත්වයෙන් මෙවර G7 සමුළුව ප්‍රංශයේදී පැවැත්විණ. පසුගිය සදුදා අවසන් වූ සමුළූවේදී ඇමසන් අර්බුදය සහ දේශ ගුණික විපර්යාස පිළිබදව මූලිකත්වයක් දී තිබූ අතර එහිදී ඩොලර් මිලියන 22ක ආධාර බ්‍රසීලයට ලබා දීමට තීරණය කර තිබිණි.

මෙසේ මුදල් ප්‍රතික්ෂේප කිරීමට බ්‍රසීල රජය නිශ්චිත හේතවක් දක්වා නොතිබුණ නමුත් පසුගියදා ප්‍රංශයට එරෙහිව බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ පවසා සිටියේ ප්‍රංශය තමන්ට සිය යටත් විජිතයක් ලෙස සළකන බවයි. ඔහු එසේ ප්‍රකාශ කලේ පසුගියදා ප්‍රංශ ජජනපතිවරයා විසින් ඇමසන් විනාශයට බොල්සොනාරෝ ගේ රජය වග කිව යුතු බව ප්‍රකාශ කිරීමත් සමගිනි.

බොල්සොනාරෝ රජයේ ආරක්ෂක ඇමතිවරයා වන අසවේදුද සිල්වා පවසන්නේ ඇමසන් ගින්න පාලනයෙන් තොර වන්නක් නොවන බවත් සෙබළුන් 44000ක් ඒ සදහා යොදවා ඇති බවත්ය.

මෙම ආධාර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ජනපති බොල්සොනාරෝ ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඔනික්ස් ලොරෙන්සෝනි පවසන්නේ ” ස්තූතියි නමුත් එම මුදල් වඩාත් ගැලපෙන්නේ යුරෝපයේ යළි වනාන්තර බිහිකිරීම සදහා යනුවෙනි.
මක්‍රොන්ට අඩුම තරමේ ලෝක උරුමයක් වන ඔහුගේ රටේ කතෝලික දේවස්ථානය ගිනි ගන්නා විට නවත්වන්න බැරි වුණා ඔහු දැං අපට පාඩම් උගන්වන්න සූදානම්” ඔහු එසේද පවසා සිටියේය.

G7 රටවල් කියා සිටියේ තමන් ලබා දෙන ආධාර ගිනි නිවීම සදහා ගුවන් යානා වෙනුවෙන් වියදම් කිරීමට මූලිකවම යොදා ගන්නා ලෙසයි. එමෙන්ම ඒ සදහා ප්‍රංශ ජනපති වරයා හමුදා සේනාංකයන් යැවිය හැකි බවද දන්වා සිටියේය.
නමුත් බොල්සොනාරෝගේ රජය මේ වන විට එම ආධාර ප්‍රතික්ෂේප කරන බව දන්වා ඇත. මේ අතර බ්‍රසීල ජනපතිවරයා පවසා සිට්න්නේ තමන් ඊශ්‍රායල් ජනපති බෙන්ජමින් නෙතනයාහු ගේ සහය අනුමත කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More