දේශීය පුවත්

මඩකලපුව කල්ලඩි පාලම අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය විසින් අද (27) රාත්‍රීයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස කොටස මඩකලපුව කල්වියන්කාඩු හින්දු සුසාන භූමියෙන් ඉවත්කර ගන්නැයි බලකරමින් මඩකලපුව කල්ලඩි පාලම අසල පිරිසක් විරෝධතාවයක නිරතවූහ.

ත්‍රස්තවාදියෙකුගේ මළසිරුරක් හින්දු සුසාන භූමියක මිහිදන් කිරීමට ඉඩදිය නොහැකි බව පවසමින් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයේ නිරත වී ඇතැයි පොලිසිය කියයි.

අධිකරණමය ක්‍රියාදාමය ඔස්සේ පොලිසිය මෙම ගැටළුව නිරාකරණය කරන බව පවසා ඇතත් වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ප්‍රමුඛ පිරිස පොලිසියේ පොරොන්දුව ඉවත දමමින් කල්ලඩි පාලම අසල මාර්ගයේ විරෝධතාවය අඛණ්ඩව සිදුකර ඇතැයි ද පොලිසිය පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More