දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ සියයට සියයක් සූදානම් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

අද අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය පහසු සටනක් බවත් එක්සත් ජාතික පෙරමුණ එයට හොඳින් සන්නද්ධ වී සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය පැවසීය.

මේ අතර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම කල් වැඩි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සම්බන්ධතා ඇති කිසිඳු පුද්ගලයෙකුහට තමාගේ සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් පැවසීය.

එහිදී ඒ මහත්මිය මෙසේද පැවසිය.
“ජනාධිපතිවරණය කියන්නේ මීටර් 100 ක තරඟයක්, මේක මැරතන් එකක් වගේ දුවල හරියන්නේ නැහැ, පසුගිය 2015 මැතිවරණයේ දී අපි අපේකෂයා මැතිවරණය ප්‍රකාශයට පත්කළාම තමයි ඉදිරිපත් කළේ, මේ සැරෙත් ඒවිදියටම තමයි, අපේකෂකයා කවුරු වුනත් අපි ජයග්‍රහණය කරනවා, මේ මැතිවරණයේ දී අපි පක්ෂ ගණනාවක් සමග සන්ධාන ගතවෙලා, ශක්තිමත්ව ඉදිරිපත් වෙනවා”

“විශේෂයෙන් මෙවර මැතිවරණයෙදී ලක්ෂ 17 ක් පමණ තරුණ ඡන්ද තීරණත්මක ලෙස බලපාලනවා, එම තරුණ කණ්ඩායම මීට වසර 5 කට පමණ පෙර තත්ත්වය ගැන අවබොධයක් නැහැ, ඒ නිසා මම එම පිරිස්වලට අවාධාරණයෙන් කියනවා, ගොඨාභටය රාජපක්ෂ දැන් කථාකරන්නේ එතුමාගේ අතීතය අමත කරළා, මැතිවරණයට ඉදිරිපත් වෙන ගෝඨාභයට මාධ්‍යට ප්‍රශ්න කරන්න අවස්ථාවක් නැහැ, ඔහු කියන එක විතරයි දාන්න පුළුවන්, තව උදාහරණයක් තමයි පසුගිය දිනක එතුමාගේ සහභාගිත්වයෙන් නෙළුම් පොකුණෙ පැවැත්වුණ උත්සවය, ඊට මාධ්‍යට සහභාගි වෙන් අවස්ථාවක් දුන්නෙ නැහැ. ඒකෙන් අපිට තේරුම් ගන්නා පුළුවන් ඒ කාලේ මධ්‍යට සැලකුවෙ කොහොමද කියලා. දැන් ඉන්න තරුණ තරුණියන්ට මේව ගැන අවබෝධයක් නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More