දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වු ජනතාවගේ හදවත් සැනසීම සඳහා ඔවුන්ට සත්‍ය හෙළි කිරීම අපගේ වගකීමක් බවත් කිසිදු දිනක තමන් යම් පක්ෂයට පක්ෂපාතීව කථා සිදු නොකර බවත් ජනතාව ඒ සම්බන්ධයෙන් විනිශ්චය කිරීම සිදුකළ යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අද (27) උදෑසන ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපතිවරයා සමඟ දළදා මාළිගාවේ සංචාරයකට එක් වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කර සිටියේය.

” නමුත් මේ ප්‍රශ්නයෙන් පිඩාවට පත්වෙලා අසරණ වෙලා ඉන්න පවුල්වල උදවිය අපෙන් අහනවා ඇයි අපිට මේ වගේ දෙයක් කලේ කියලා. ඔවුන්ව සැනසීම අපගේ අද වගකීම වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් එක එක කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ආරංචි තියෙනවා. ඒ ගැන හොද අධ්‍යයනයක් කරන තුරු අපට සැනසීමෙන් ඉන්න බැහැ. බලයේ ඉන්න අය එක එක දේවල් කියනවා. අපි බලාපොරොත්තු වෙනවා බලයේ ඉන්න අයගෙන් මිට වඩා දෙයක් කරන්න ඕනේ. ඒ වගේමයි බලයේ ඉන්න අය කියනවා එක එක දේවල් කරනවා කියලා. නමුත් මේ ගැන ස්වාධින කොමිසමක් පත් කරලා ඒ සම්බන්ධයෙන් කරුණු හොයන්න. විපක්ෂයේ අය පොරොන්දුවක් දුන්නා කියලා හරියන්නේ නැහැ. බලයේ ඉන්න අය මොකක් හරි කරන්න ඕනේ. මම ජනාධිපතිවරයාටත් මේ ගැන ලියුවා, නමුත් මේ දක්වා එතුමාගෙන් මට පැහැදිලි පිළිතුරක් ලැබුනේ නැහැ. ජන්දය තියන්න කලින් මේ ප්‍රහාරයෙන් පිඩාවට පත්වෙලා ඉන්න ජනතාවගේ පිඩාව ගැන බලයේ සිටින අය කල්පනා කළ යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. නමුත් එතුමාට බලයක් නැහැ. ඊට වඩා ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේ බලයේ ඉන්න අය මේ සම්බන්ධයෙන් දෙයක් කරන්න ඕනේ. මේ රටේ නිදහසින් පස්සේ ලබාදුන්නු පොරොන්දු කියෙන් කියක් ඉටුවුනාද කියන එක ජනතාව දන්නවා.

ජනාධිපතිවරයා පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව මේ දක්වා සාමාන්‍ය ජනතාවට නිකුත් කරලා නැහැ. මට උත්තරයක් එවලා තියෙනවා නීතිපතිතුමා තීරණය කරන කම් ඒ ගැන කිසිවක් කරන්න බැහැ. රතුපස්වල ඝාතනයන් ගැන පමණක් නෙවෙයි ඊට කලින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් සිදුකරපු පරික්ෂණ ගැන බලන්න. අපි කියන්නේ කිසිදු දේශපාලන සහයෝගයක් නැති ඕනෑම අයෙක්ට එරෙහිව තීරණ ගැනීමට හැකි ස්වාධින කොමිෂන් සභාවක් පත් කිරීමක් කළ යුතුයි” අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More