කැබිනට් නොවන ඇමැතිවරුන් දෙදෙනකු එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් මාධ්‍යවලට අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ලිඛිතව දන්වා ඇතැයි පක්ෂයේ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය, පක්ෂ නායකත්වය, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ වැඩපිළිවෙළ හා ක්‍රියාමාර්ග විවේචනය කළැයි අජිත් පී පෙරේරා හා සුජීව සේනසිංහ යන ඇමැතිවරුන්ට විනය පියවර ගන්නා බවට මෙලෙස ලිඛිතව දැනුම් දී ඇත.
ඇමැතිවරුන් දෙදෙනාට අද (27) එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා විසින් මෙම ලිපිය යොමු කර තිබේ.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් සැප්තැම්බර් 9 වැනිදා හෝ ඊට පෙර ලිඛිත කරුණු දක්වන ලෙසටත්, එම කරුණු දැක්වීම පක්ෂයේ විනය කමිටුවට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරනු ලබන බවත් පක්ෂ ලේකම්වරයා එය ලිඛිතව දන්වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...