ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර අද පෙරවරුවේ පැවති හත්වන වටයේ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි. අදාළ සාකච්ඡාව පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේදීය.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වැඩිදුර පවසා සිටියේ ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡාවක් පැවැතිවිය යුතු බවයි.
සන්ධානයක් පිහිටුවීම වෙනුවෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ 7 වැනි සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වුණි.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මෙම සාකච්ජාව පැය දෙකක පමණ කාලයක් පැවති අතර අද පැවති සාකච්ජාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මන්ත්‍රිවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් සහභාගිවී සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...