දේශීය පුවත්

ඇමැති සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනා අගමැති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න පමණක් එකතුව පෙරේදා (25 වැනිදා) රාත්‍රියේ පැය තුනක පමණ කාලයක් විශ්ලේෂණය කර තිබේ.

එදින රාත්‍රි 9.30 සිට රාත්‍රි 12.00 පසුවන තුරු අරලියගහ මන්දිරයේදී එම යෝජනා විශ්ලේෂණය කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීම සඳහා ඇමැති සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් සිය යෝජනා පසුගිය සිකුරාදා (23 වැනිදා) ඇමැති රාජිත සේනාරත්න වෙත භාරදී තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ප්‍රකාශයට පත් කරන දින ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කිරීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම කළ යුතු බවට ඇමැති සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් කළ යෝජනාවට අගමැතිවරයා එකඟත්වය පළ කර තිබේ.

මෙම පෙරමුණේ මහ ලේකම් ධුරය එක්සත් ජාතික පක්ෂය නම් කරන පුද්ගලයකුට ලබාදීමටද තීරණය වී ඇත. ඇමැති සජිත් ප්‍රේමදාස පාර්ශ්වය ඉදිරිපත් කර තිබූ සියලුම යෝජනාවලට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළකර තිබේ. පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත කඩිනමින් සකස් කර සාමාජික පක්ෂවලට ලබාදීමටද මෙහිදී තීරණය විය. සාමාජික පක්ෂවල එකඟතාවය ලැබුණු පසු පෙරමුණ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

නව පෙරමුණ ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් මස අගභාගයේදී සිදුකිරීමට නියමිත අතර ඊට පෙර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීමට නියමිතය. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහගේ අදහස වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර උත්සවයෙන් පසු ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කිරීමටය. සංවත්සර උත්සවය සැප්තැම්බර් 06 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More