අගෝස්තු 30 වනදාට පෙර සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් ලක්ෂයක සෙනඟක් කොළඹට රැගෙනවිත් අරලියගහ මන්දිරය වැටළීමට සජිත් පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තා වේ.
තවදුරටත් දුරබැහැර ප්‍රදේශවල රැස්වීම් පවත්වා තේරුමක් නොමැති බවත් හැකි උපරිමයෙන් කොළඹට සෙනඟ ගෙන්වා අරලියගහ මන්දිරය වටළා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුවම දැනෙන පරිදි උද්ඝෝෂණය කළ යුතු බවයි ඔවුන් සාකච්ඡා කර ඇත්තේ.
අරලියගහ මන්දිරයේ සියලු ප්‍රවේශ මාර්ග අවහිර වන පරිදි තුන් පැත්තෙන්ම වටළා අග්‍රාමාත්‍යවරයා නිවාස අඩස්සියේ තබාගෙන සිය බලය පෙන්විය යුතුය යන්න ඔවුන්ගේ අදහස වී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
මේ පිළිබඳ යම් ඉඟියක් ඊයේ (26) රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාආරච්චි මහතා ද තංගල්ලේ පැවති උත්සවයකදී ලබාදුන්නේය. රටපුරා සිටින සජිත් පාක්ෂිකයින් කොළඹට කැඳවා උද්ඝෝෂණය කිරීමට තමන් සූදානම් බවද ඔහු සදහන්කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...