දේශීය පුවත්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්‍ෂයක් ලෙස ගන්නා තීරණය ප‍්‍රකාශයට පත් කිරීම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තවදුරටත් ප‍්‍රමාද කර තිබේ. ඊයේ (26) රාති‍්‍රයේ පැවති පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි.

එහෙත් ජනාධිපතිවරණයේදී ගන්නා තීරණය පිළිබඳව ඉන් පසුව කිසිවක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් වී නොමැත. ඊයේ පැවති මධ්‍යම කාරක සභාවේදී ප‍්‍රකාශ වී ඇත්තේ මේ වනවිට ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් දින වෙන් කිරිමක් හෝ නාමයෝජනා කැඳවීමක් සිදුකර නොමැති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

ඒ අනුව ජනාධිපතිවරණයේදී පක්‍ෂයක් ලෙස අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරනවාද? නැතහොත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය දක්වනවා දැයි සිය තීරණය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා වූ කරුණු පිළිබද ඊට සහභාගි වූ පක්‍ෂ නියෝජිතයින් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම කියා සිටියේ සිය පක්ෂය පොහොට්ටුවත් සමග සන්ධානගත වීම අසාර්ථක වුවහොත් තනි පක්ෂයක් ලෙස තරග කිරීමට සූදානමින් සිටින බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More