දේශීය පුවත්

වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්දැයි ඊයේ (26 දා) සවස ආගම් ඇදහීමේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමද් ෂහිද් වෙත ඉදිරිපත් වූ ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දැක්වීම ඔහු ප‍්‍රතික්‍ෂේප කළේය.

එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී ඊයේ (26 දා) සවස පැවැති මාධ්‍ය සාකච්ඡුාවක් අතරේ මේ ප‍්‍රශ්නය යොමු කළේ කොටි හිතවාදී විදේශ රූපවාහිනී සේවාවක නියෝජිතයකු විසිනි.

මෙහිදී කරුණු දැක්වූ අහමඞ් ෂහිද් තමා මෙරටට පැමිණියේ ආගම් ඇදහීමේ නිදහස ගැන විමර්ශනය කිරීමට බවත් හමුදාපති පත්කිරීම තමාගේ විෂය නොවන බවත් කීවේය.

මෙම මාධ්‍ය සාකච්ඡුාවේදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වැඩිදුරටත් පැසුවේ මුස්ලිම් වෛද්‍ය විශේෂඥයන් බෞද්ධ කාන්තාවන්ට රහසිගතව වඳ සැත්කම් කළ බවට මාධ්‍ය විසින් ප‍්‍රචාරයක් දියත් කර ඇතැයි තමාට පැමිණිලි ලැබුණ බවයි.

මෙහිදී අහමද් ෂහිද් පොලිසියට ද චෝදනා එල්ල කරමින් බහුතරයට එරෙහිව යොමු කරන පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය ඒකපාක්ෂිකව ක‍්‍රියාකරන බව පැමිණිලි ලැබුණ බවද කීය.

එසේම සාහසික ක‍්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගත් අය නිදහස් කරන ලෙස දේශපාලනඥයන් පොලිසියට බලපෑම් කරන බවටද තමා වෙත තොරතුරු ලැබුණ බව පැවසූ අහමද් ෂහිද් බෞද්ධ භික්ෂුව සම්බන්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පොලිසියට ප‍්‍රශ්නයක් වී ඇතැයිද කීය.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මෙහිදී වැඩිදුරටත් රටේ බහුතරයට චෝදනා කරනු ලැබීය.

මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවන හිංසා ක‍්‍රියාමාර්ග ගැනද තවදුරටත් කරුණු දැක්වූ ඒ මහතා වෛරය උපදවන ප‍්‍රශ්න කරන අයට එරෙහිව ක‍්‍රියා කළ යුතු බවද පළ කළේය.

රජය සාහසික ක‍්‍රියා සිදුකරන සහ සාහසික ක‍්‍රියා සිදුකිරීමට පොළඹවන පාර්ශ්වවලට එරෙහිව ක‍්‍රියා කළ යුතු බවද එක්සත් ජාතීන්ගේ නියෝජිතයා තවදුරටත් සඳහන් කළේය.

මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හැනා ඩියනර් පැවසුවේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් කිරීම ගැන මානව හිමිකම් කොමාසාරිස් මිචෙලි බාවලට් දැනටමත් ප‍්‍රකාශයක් කර ඇති බවයි.

රජය විසින් බුර්කාව තහනම් කිරීම ගැනද එක්සත් ජාතීන්ගේ නියෝජිතයාගේ විවේචනයට ලක්විය. මුහුණු ආවරණය තහනම් කිරීම ගැනත් මානව හිමිකම් පැමිණිලි ලැබුණා. එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. සමහර අයටත් හිජාබ් පැළඳි මුස්ලිම් කාන්තාවන්ට රජයේ ආයතනවලට පිවිසීමට ඉඩ නොදෙන බවටත් මට වාර්තා වුණා යැයි ඔහු කීවේය.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More