“මම සජිත්ට අපේක්ෂකත්වය දෙන්න කැමතියි. හැබැයි මේ කට්ටිය කැමති කරගෙන එන්න” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ ඇමතිවරු පිරිසක් හමුවේ පවසා තිබේ.
මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර යන ජේෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනා ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ජාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ඒ අනුව රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, සාගල රත්නායක ඇතුළු පිරිසකගේ නම් අග්‍රාමාත්‍යවරයා විසින් පවසා ඇත.
කථානායක කරූ ජයසූරිය මහතා සමඟ එජාප ජේෂ්ඨයින් සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සහය ඉල්ලා සාකච්ජා කර තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. කථානායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...