ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාව අතර අද (26) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාත් අනෙකුත් සාමාජිකයින් දෙදෙනාත් එම සාකච්ඡාවට සහභාගි වී ඇතැයිද පැවසේ.
ජනාධිපතිවරණයේදී බලපාන නීතිරිති ප්‍රචාරණ කටයුතු හා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා කෙරුණු බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම සාකච්ඡාව අද පස්වරු 2.00 ට පමණ ආරම්භ වී පැය භාගයකට අධික කාලයක් තිස්සේ පවත්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...