සිය ධුරකාලය තුළ යුද හමුදා බුද්ධි අංශවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
2019 කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදි මාධ්‍යවේදියෙකු විවීධ පාර්ශව විසින් සිය පත්වීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ සම්බන්දයෙන් නැගු පැනයකට පිලිතුරු දෙමින් හමුදාපතිවරයා පැවසුවේ ඒ රටවලට ඔවුනගේ අදහස් ඉදිරිපත් කළ හැකි බවත් නමුත් රටේ යුද හමුදාවට අවශ්‍ය නායකයා ජනාපිතිවරයා විසින් තොරා පත් කරන්නට අති බවයි.
සිය පත්වීම සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ බියක් සහ කනස්සල්ලක් තිබෙන බවට කළ ප්‍රශ්න කිරීමකට පිලිතුරු දුන් හමුදාපතිවරයා පැවසුවේ තමන් ලාංකිකයන් ආරක්ෂා කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා බවත් එ අනුව තමන් රටේ සමස්ත ප්‍රජාවම ආරක්ෂා කරන හමුදාපතිවරයා බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...