ත්‍රස්ත ක්‍රියාවන්ට සහය දැක්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන දැනට යාපනය, ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් ගෙන් හෙළිවූ කරුණු අනුව සිදුකරනු ලැබූ විමර්ශනයකදී අවි ආයුධ ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
ඒ අනුව පලෙයි පොලිස් වසමේ කරන්ඩිය ප්‍රදේශයේ සඟවා තිබු ඒ.කේ.47 වර්ගයේ ගිනි අවියක්, එම අවි වලට යොදා ගනු ලබන මැගසින් දෙකක්, සජීවී පතොරම් 120ක්, ජිව අත්බෝම්බ 11ක්, PE 10 වර්ගයේ බවට සැකකෙරෙන පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක්, දුර දක්නයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කර සිටියි.
සැකකරු සම්බන්ධයෙන් මේ වන විට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා දකුණේ දේශපාලන රැස්වීමකදී හෝ උතුරේදී ඝාතනය කිරීම සැලසුම වී තිබුණ බව ද ප‍්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරන සින්නයියා සිවරූබන් විදේශගත එල්ටීටීඊ සාමාජිකයන් විසින් මෙරට හමුදා ප‍්‍රධානීන් සහ ප‍්‍රභූන් මොසාඞ් ක‍්‍රමයට ඝාතනය කිරීමේ සැලසුමක් තිබෙන බව ද බුද්ධි අංශ සහ පොලිසිය ඉදිරියේ පවසා ඇත.
මෙම ඝාතන සැලසුම් ස`දහා ඔහු විසින් එක්රැස් කරන ලද සී – 4 වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය මුහුදේ සඟවා තිබියදී සොයා ගැනීමට ද පසුව ආරක්‍ෂක අංශ සමත් වන අතර නවීන ගිනි අවි දෙකක් ද සින්නයියා සිවරූබන්ගේ ප‍්‍රකාශ අනුව මේ වන විට සොයාගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...