දේශීය පුවත්

මහ බැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිත අර්ජුන් ඇලෝසියස් විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් මිලියන 75ක මුදලක් ඔහුගේ නිවෙසට ගෙන ගොස් භාර දී ඇති බව අද මව්බිම පුවත්පත වාර්තා කරයි.

වාර්තා වන අන්දමට මෙම මුදල අඩංගු බෑගය ඇලෝසියස් විසින් බාරදී තිබෙන්නේ 2015-07-23 වැනිදා කොළඹ 3 පස්වැනි පටුමගේ හි පිහිටි වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේදීය. මෙදින රාත්‍රී අටට පමණ අර්ජුන ඇලෝසියස් මහතා එම නිවසට පැමිණෙන බව දැනුම් දීමෙන් පසුව ඔහුට කෙළින්ම තම නිවසට පැමිණීමට ඉඩ දෙන ලෙසට ආරක්ෂක අංශවල ද දැනුම් දී තිබුණු බව වාර්තාවේ.

පුවත්පත් වාර්තා කරන ආකාරයට ඇලෝසියස් මහතා වික්‍රමසිංහ මහතාගේ නිවෙසට යන අවස්ථාවේ තවත් පුද්ගලයකු එහි සිට ඇති අතර වික්‍රමසිංහ මහතා ඇලෝසියස් මහතාගේ නිවසේ වෙනත් කාමරයකට කැඳවාගෙන ගොස් රුපියල් මිලියන 75ක මුදල් බෑගය ලබාගෙන තිබේ. පැය භාගයකට පමණ පසුව ඇලෝසියස් මහතා වික්‍රමසිංහ මහතාගේ නිවසින් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.

මේ අතර මහ බැංකු බැඳුම්කර වංචාවේ තවත් ප්‍රධාන සැකකරුවකු වන මහ බැංකුවේ අධිපති ඇලෝසියස් ගේ මාමණ්ඩිය වන අර්ජුන මහේන්ද්‍රන් මේ ගනුදෙනු සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සිංගප්පූරුවේ සිට අනාවරණය කිරීමට සූදානමින් සිටින බවට ද පුවත්පත්වලින් වැඩිදුරටත් වාර්තා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More