දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළේ අලෙවි වන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි සම්බන්ධයෙන් යුරෝපයේදී සිදු කළ තත්ත්ව පරීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් විද්වත් මණ්ඩලයක් විසින් සකස් කළ කිරිපිටි සම්බන්ධ විද්‍යාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිතය.

මෙම විද්‍යාත්මක වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම ලබාදී ඇත.

කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු වී ඇත්දැයි සොයා බැලීම සඳහා වෙළෙඳ පොළේ අලෙවි වන කිරිපිටි වර්ගවල සාම්පල යුරෝපයේ ප්‍රතීතන රසායනාගාරයදී පරීක්ෂාවට ලක් කරන ලදී. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ හතකි.

එම වාර්තාව පදනම් කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෛද්‍යවරුන්, මහාචාර්යවරු, පෝෂණවේදීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, ප්‍රමිති ආයතන නිලධාරීන් ඒකාබද්ධව පිටු 200 ක විද්‍යාත්මක වාර්තාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එම විද්‍යාත්මක වාර්තාවට අනුව කිරිපිටි ඉතා අවදානම් ඛාණ්ඩයට අයත් වන අතර කිරිපිටි දේශීය වෙළෙඳ පොළේ අඩු මිලට අලෙවි කිරීම සඳහා ෆාම් තෙල් එකතු කරන බව දැක්වෙයි. ෆාම් තෙල් එකතු කිරීම නිසා ‘‘ෆාමටික් ඇසට්’’ හේතුවෙන් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රතිශතය ඉහළ ගොස් හෘද රෝග ඇතිවීම වැඩිවී ඇති බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටිවල සම්පූර්ණ යොදය ඉවත් කර ෆාම් තෙල් මිශ්‍ර කර ඇති බව කිරි පිටි පැකට්වල සඳහන් නොකර තිබේ. කිරිපිටිවල ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා නිර්දේශ සහ යෝජනා හැටහතරක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රජයට යෝජනා කර තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ වාර්තාව විවාදයට ගැනීමට නියමිතය.

– Aruna

කිරි පිටි ප්‍රශ්නය සම්බන්ධයෙන් ජාතික පුවත්පතක පළවූ ලිපියක් අප මෙසේ ඉදිරිපත් කරමු.

‘‘කිරි මෙන් සුදු නැති කිරි පිටි සෙල්ලම‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More