2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනයේ තමාගේ නම ඇතුළත්ව තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී.
පසුගිය 23 වැනි සිකුරාදා සිට 2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කර තිබේ.
දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරි කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කෙරේ.
නමුත් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය 26 වන අද දින දක්වා මෙතෙක් 2019 ඡන්ද හිමි නාම ලේඛන දත්ත ඇතුළත් කර නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...