තහනම් කරන ලද තව්හිද් ජමාත් සංවිධානයට ආධාර අනුබල දුන් බවට ලද තොරතුරු මත මුස්ලිම් ගුරුවරයකු මාවනැල්ල, මුරුතලාව ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා ඊයේ (25දා) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 වියෙහි පසුවන රෂීඩ් හජ්ජල් අක්බර් නමැති පුද්ගලයකි.
මෙම පුද්ගලයා ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමික් සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටිමින් තව්හිද් ජමාත් සංවිධානයට ආධාර අනුබල ලබාදී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඔහු සෙන්ටර් ෆෝ ඉස්ලාමික් ටෝක්ස් ‘නමැති සංවිධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත. ඉස්ලාම් ආගම උගන්වන ගුරුවරයකු ලෙස මුස්ලිම් ජාතික තරුණයන්ට විවිධ අදහස් ලබාදී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම පුද්ගලයාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ ලබාගනිමින් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...