දේශීය පුවත්

මානව හිමිකම් හා යුද අපරාධ සම්බන්ධයෙන් තමන්ට එරෙහිව යම් යම් චෝදනා කරන උදවිය ස්වාභාවික යුක්ති නීතිය කියා දෙයක් තිබෙන බව තේරුම් ගෙන ඒ අනුව ක්‍රියා කිරීම සුදුසු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. සත්‍ය හෝ අසත්‍ය චෝදනා එල්ල කිරීම ඕනෑම අයකුට කළ හැකිය. එම චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරනු ඇති යැයි හමුදාපතිවරයා පැවසුවේ අභිනවයෙන් රාජකාරි ඇරඹීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවය.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් හමුදාපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

‘‘හමුදා සේවයට එක් වූ දා සිට රට වෙනුවෙන් ඉටු කිරීම සඳහා පැවරුණු රාජකාරිය කැපවීමෙන් හා අවංකව ඉටු කළද මෙවැනි චෝදනා අතීතයේදීත් එල්ල කිරීමට යම් යම් අය උත්සාහ කළද එහෙත්, ඒ සියල්ල නොසලකා ඉදිරියට ගියා. එලෙසම මතුවටත් ජීවිතය පරිත්‍යාග කර හෝ රට ආරක්ෂා කිරීමට කැපවෙනවා. ජාත්‍යන්තර මෙන්ම විවිධ පාර්ශ්ව වෙතින් බලපෑම් එල්ල වෙද්දීත් ජනපති මා යුද හමුදාපති ධුරයට පත් කිරීම සඳහා ගත් තීරණය ගැන එතුමාට ස්තුතිය පළ කරනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව නූතනයට හා අනාගතයට සරිලන හමුදාවක් ලෙස ඉදිරියට ගෙන යනවා. යුද හමුදා සේවයේ රාජකාරි කරන සියලු දෙනා තමන්ගේ වෘත්තිය සම්බන්ධයෙන් සතුටින් හා තෘප්තියෙන් සිටින තත්ත්වයක් ඇතිවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන්න කටයුතු කරනවා. ඒ වගේම වර්තමානයේ රාජකාරියේ සිටින රණවිරුවන් මෙන්ම විශ්‍රාමික හා ආබාධිත තත්ත්වයේ පසුවන රණවිරුවන්ද, මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ගේද සුබසාධනය පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු කරනවා’’ යැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More