එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ අරමුණෙන් රනිල්-සජිත් දෙපිලම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල පුරප්පාඩු පිරවීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනූතුන් දෙනකුගෙන් සමන්විත විය යුතු නමුත් දැනට එහි සිටින්නේ හැටතුන් දෙනකු පමණකි. මේ පිරිසෙන් බහුතරය සජිත් ප්‍රේමදාසට සහය පළකරන බව දැනගැනීමෙන් පසු වහාම ඉතිරි පුරප්පාඩු පිරවීමට රනිල් පාර්ශ්වය තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට අතිශයෙන් සමීප පක්ෂ මහලේකම්වරයා ඇතුළු කිහිප දෙනකු අතර පසුගිය දිනක පැවති සාකච්ඡාවකදීය.
කෙසේ වෙතත් පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට පත්කළ හැක්කේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් විසිදෙනකු පමණකි.
ඒ නිසා යම් හෙයකින් නව සාමාජිකයන් පත්කිරීමට රනිල් පිල පියවර ගතහොත් ඒ සඳහා තමන්ට හිතවත් කණ්ඩායමක් යෝජනා කිරීමට සජිත් පිල සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ලබන්නේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් බව මේ වන විට ප්‍රකාශ වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...