දේශීය පුවත්

ගෝඨා – මෛත්‍රී හමුවෙති

August 26, 2019 1:15 am | Lanka Lead News

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ පෞද්ගලික හමුවක් පසුගියදා පැවැත්වීය.

ඉදිරි කාලයේ දෙපක්ෂය එක්ව මැතිවරණ සටන මෙහෙයවන ආකාරය ගැන තීරණාත්මක කරුණු ගණනාවක් ගැන මෙම හමුවේදී සාකච්ඡාවට භාජනය කර ඇත.

කොළඹ පෞද්ගලික නිවසක ඉතාමත් රහසිගතව පවත්වා ඇති මෙම හමුවෙන් පසු දෙපක්ෂය එක්ව ඉදිරියට ක්‍රියා කළ යුතු ආකාරය ගැන සැලසුමක් සැකසීමට ද තීන්දු වී ඇතැයි කියවේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර කෙරෙන සාකච්ඡාවලදී අවසන් තීරණ ගැනීම සඳහා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙකුගෙන් යුත් නව සාකච්ඡා කණ්ඩායමක් පත් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කළේය. ඒ අනුව දෙපක්ෂය අතර ඉදිරි තීරණාත්මක සාකච්ඡා මෙහෙයැවීමට පොහොට්ටුවෙන් බැසිල් රාජපක්ෂ – ගාමිණී ලොකුගේ හා සී. බී. රත්නායක යන මහත්වරුන්ගෙන් සමන්විත සාකච්ඡා කණ්ඩායමක් පත්කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා මෙම පත්කිරීම කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඉල්ලීමක් අනුවය.

මේ හැරෙන්නට ශ්‍රීලනිප සාකච්ඡා කණ්ඩායම ද පුළුල් කෙරෙනු ඇති අතර ඊට මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න වැනි චරිත ඇතුළත් වීමට ඉඩ ඇතැයි වාර්තා විය.

කෙසේ වෙතත් අද හෙට මෛත්‍රී මහින්ද හමුවක් සිදු නොවන අතර විසඳාගත නොහැකි තීරණාත්මක ප්‍රශ්නයක් උද්ගත වුවහොත් මහින්ද මෛත්‍රී හමුවක් පැවැත්වෙනු ඇතැයි මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More