දේශීය පුවත්

එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප‍්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳහා එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කර තිබූ සැලසුමක සියලූ තොරතුරු අනාවරණය කර ගැනීමට ආරක්‍ෂක අංශ හා පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සමත් වී තිබේ.

මේ සඳහා සී 4 වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 200 ක පමණ ප‍්‍රමාණයක් යොදා ගැනීමට සූදානම්ව සිටි බව ද අනාවරණය වී ඇත.

ප‍්‍රබල එල්ටීටීඊ කි‍්‍රයාකාරිකයකුව සිටි කිලිනොච්චිය පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ සින්නයියා සිවරූබන් අත්අඩංගුවට ගත් පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය හා ආරක්‍ෂක අංශ ඔහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළිවී ඇත.

මෙහිදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු දේශපාලන නායකයන් ඝාතනය කිරීම එල්ටීටීඊයේ ප‍්‍රධාන ඉලක්කය වී තිබූ බවක් ද අනාවරණය වී ඇතැයි උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ ඊ.පී.ඞී.පී. නායක ඩග්ලස් දේවානන්දා යන මහත්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කළ බවද ආරක්‍ෂක අංශ අත්අඩංගුවට ගත් සින්නයියා සිවරූබන් හෙළි කර ඇත.

මෙම සැලසුමට අනුව පසුගිය කාලය තුළ සිය වෛද්‍ය වෘත්තියට මුවා වී සින්නයියා සිවරූබන් අධිබල පුපුරන ද්‍රව්‍ය සහ අවි ආයුධ එක්රැස් කර තිබෙන අතර හිටපු එල්ටීටීඊ සාමාජිකයන් නැවත ප‍්‍රතිසංවිධානය කරමින් ඔවුන් ප‍්‍රහාර සඳහා යොදවා ගැනීමට ද සූදානමින් සිට ඇත.

ඉතා සූක්‍ෂම අයුරින් මොහු විදේශගත කොටි ප‍්‍රබලයන්ගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ දීර්ඝ කාලයක සිට කි‍්‍රයාත්මක කර තිබේ.

මෙසේ ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක වන අතරේ මෙරට ප‍්‍රභූ හා හමුදා ප‍්‍රධානීන් විදේශගත වන අවස්ථාවන්හිදී එම රටවලදී ඔවුන් ඝාතනය කිරීමට ද එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් සැලසුම් කර තිබී ඇත.

– divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More