ඉදිරි ජනාධිපතිවරණය සඳහා සන්ධානගතවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණාත්මක සාකච්ඡාව ලබන සඳුදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවේ එකඟතාවයකට පැමිණි කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සදුදා පැවැත්වෙන සාකච්ඡාවේ ප්‍රධාන අරමුණයි.
සදුදා මෙම පක්ෂ දෙක අතර පැවැත්වෙන සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ද මහින්ද අමරවීර දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද සහභාගි වීමට නියමිතව ඇත.
එම සාකච්ඡාවේදී එකඟ වන කරුණු යළි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාටත් දැනුම්දීමට නියමිත බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...