දේශීය පුවත්

යුදබිමේදී තිබූ සහෝදර සබඳතා සහ සාමූහික වගකීම සිහිපත් කරමින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය එතුමන්ගේ දියණියන් ද සමඟ අද (23) දින උදෑසන ආබාධිතව ප්‍රතිකාර ලබමින් විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් සොයාබැලීම සඳහා රණවිරුවන් 50 කට වැඩිපිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරෙහි සංචාරයක නිරත විය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනවිරත්න සමඟින් පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රාජකරුණා සහ එම මැතිණිය මෙන්ම මිහිඳු සෙත් මැදුරෙහි සේනාවිධායක ලුතිනන් කර්නල් ජීවන් ගුණසේකර විසින් උණුසුම්අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු පිරිස සුවතා නිකේතනයේ වාට්ටුවල සංචාරයක නිරත වූ අතර එහිදී, ප්‍රතිකාර ලබන රණවිරුවන් හමුවී ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනීමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් ඔවුනට ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරනු ලැබීය.

ඉන් අනතුරුව, සුවතා නිකේතනයේ ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන් කණ්ඩායමක් සිය කෘතඥතාවය සහ ප්‍රීතිය පිළිබිඹු කරමින් ගීත කිහිපයක් ගායනා කර ඔවුන්ගේ සෞන්දර්යාත්මක කුසලතා පෙන්නුම් කළ අතර තවත් කණ්ඩායමක් ආකර්ශණීය රෝද පුටු නර්තනයක් ඉදිරිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඔවුන්ගේ සහජ හැකියාවන් පෙන්වනු ලැබීය. එම රණවිරුවන් අතර තවත් පිරිසක් ශාරීරික ආබාධවලට සහ රෝද පුටු වලටම සීමා වී ඇත.

මෙම සංචාරයේ කටයුතු අවසන්වීමට ප්‍රථම, සියලුදෙනා විශ්මයට පත් කරමින් ප්‍රතිකාර බලන විරෝදාර රණවිරුවෙකු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ චිත්‍රයක් ඇඳ එය සිහිවටනයක් ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගනුවනු ලැබීය. එම පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම, නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ අමුත්තන් සඳහා වු පොතෙහි සමරු සටහනක් තැබීය.

එම පරිශ්‍රය තුලදී යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳු සෙත් මැදුරෙහි සුවය ලබන රණවිරුවන්ගේ නවාතැන්, ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සහ මානසික ප්‍රතිකාරයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කල අතර අනාගතයේදී සිදු කළ හැකි වැඩිදියුණු කිරීම් පිළිබඳව ද විමසා සිටියහ.

මෙම සංචාරය සඳහා ඉඩම් දේපල හා භඨනිවාස අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ජී.අයි. විද්‍යානන්ද ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ද සහභාගී වූහ.

– army midea



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More