විදේශ පුවත්

තමිල්නාඩු ප්‍රාන්තයට ත්‍රරස්තවාදීන් 06 දෙනෙකු ඇතුළුවී ඇති බවට ලද බුද්ධි තොරතුරු හේතුවෙන් එම ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කිරීමට එරට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ත්‍රස්තවාදීන් 06 දෙනා ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පැමිණ ඇති බවට බුද්ධි අංශ අනාවරණය කර ඇති බවයි “ද හින්දු” වෙබ් අඩවිය වාර්තා කළේය.

පාකිස්තානයේ ක්‍රියාත්මක ලෂ්කර්-ඊ-තායිබා (LeT) සංවිධානයට අයත් බව කියන මෙම ත්‍රස්තවාදීන් 06 දෙනා අතර එක් පාකිස්තාන ජාතිකයෙක් ද වන බව තමිල්නාඩු පොලිසියට ලැබී ඇති බුද්ධි තොරතුරු උපුටා දක්වමින් සඳහන් කර ඇත. මෙම පාකිස්තාන ජාතිකයා ඉල්ලෙයාස් අන්වර් නමින් හඳුනාගෙන ඇති අතර අනෙක් සැකකරුවන් පස් දෙනා ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයින් බව හෙළිකර ගෙන ඇත. ලෂ්කර්-ඊ-තායිබා ත්‍රස්ත සංවිධානය විසින් ඉන්දියාව තුළ ප්‍රහාර එල්ල කිරීමේ සුදානමක් සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරා එරට බුද්ධි අංශ අනතුරු අඟවා තිබිණි.

මේ හේතුවෙන් චෙන්නායි සහ කොයිම්බතූර් හි ආරක්ෂාව දැඩි කිරීමට තමිල්නාඩු පොලිසිය පියවර ගෙන ඇත. ඉන්දීය විමර්ශන ඒජන්සිය විසින් සිදුකරනු ලැබූ මෙහෙයුම්වලදී පසුගිය මාස කිහිපය තුළදී ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධවීම සඳහා පුහුණුව ලැබූ බව කියන පුද්ගලයින් 10 කට අධික පිරිසක් කොයිම්බතූර් ඇතුළු නගර කිහිපයකදී අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සමීප සම්බන්ධකමක් පැවැත්වූ මොහොමඩ් අසරුඩින් ද ඒ අතර විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More