හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් 200ක පමණ පිරිසක් සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුවිය හැකි බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.
අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සිදුවී දින කිහිපයකට පසුව ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි නීතිය පනවන ලදී. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය හදිසි නීතිය යටතේ යුද හමුදාවටද ලැබී තිබූ අතර ඒ අනුව සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන රඳවාගැනීමේ නියෝග මත මේ වන විටත් පරීක්ෂණ පවත්වමින් සිටී.
හදිසි නීතිය මාසිකව දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම පසුගිය මාසවල සිදුවූ නමුත් මෙවර හදිසි නීතිය දීර්ඝ කිරීම සිදු නොවන බැවින් පාර්ලිමේන්තුවේ අනුමැතියද ලබා ගැනීම සිදු නොකෙරේ.
හදිසි නීතිය මාසිකව දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය මාස තුනේදීම ගැසට් නිවේදන නිකුත් කළද මෙවර එවැනි ගැසට් නිවේදනයක්ද නිකුත් කළේ නැත.
මෙම තත්ත්වය මත මැයි 13 වැනි දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානය, (NTJ) ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් (JMI) වියලාන් අස් සෙයිලාන් යන සංවිධානවල තහනමටද එමගින් බලපෑමක් එල්ල විය හැකිය.
මේ සම්බන්ධව අප ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී හෙතෙම ප්‍රකාශ කළේ හදිසි නීතිය ඉවත් කිරීම නිසා දැනට රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය ගැටලු මතුවිය හැකි බවයි.
කෙසේ වෙතත් රට මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති නිසා හදිසි නීතිය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නැතැයිද ඇමැතිවරයා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...