දේශීය පුවත්

කරූ ජයසූරිය මහතා කථානායකධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට ඇතමුන් ගෙනයන ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බව කථානායක කාර්යාලය සදහන් කරයි.

කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට කරූ ජයසූරිය මහතා කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් එම කාර්යාලය වැඩිදුරටත් අවධානය කර සිටී.

කථානායකවරයා අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන බවද එම කාර්යාලය සඳහන් කරයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ එකඟත්වයෙන් යුතුව තමන්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදුන හොත් සීමිත කාලයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමේ බලාපොරොත්තුවෙන් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇතැයි “අනිදා” පුවත්පත වාර්තා කර තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම්වලින් ලැබෙන ප්‍රතිචාර අනුව බව පැවසේ.

කෙසේවුවද, පක්ෂ අර්බුද වර්ධනය කර අනික් අය කපා දමමින් තමා අපේක්ෂකත්වයට නොපැමිණෙන බවද ඔහු අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂ නායකත්වය ආරක්ෂා කර දීමට තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම්වන බවට පැතිර ඇති ආරංචි අසත්‍ය බවද ඔහු සඳහන් කර ඇතැයි අනිද්දා වාර්තා කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More