ඊයේ මහ රෑ ඉදන් වහලේ හූනෙකුත්
චුක් චුක් ගගා,,
හැඩලුවා බන් නැවතුනේ ඌ පානදර
පහ පහු වෙලා,,
කිසිම දිනකදි දැනිලා නැති මූසල කමක්
විත් හිත පුරා,,
වෙලා ගත්තා තදින් සියොලග හිටියෙ මන්
රෑ ඇහැරිලා…………………………..
පාන්දර හත වැදෙද්දී හඩ දීපූ
දුරකතනය දිහා,,
බලනකොට උබෙ අන්කයෙන් මට
ඇමතුමක් විත් ඇති නිසා,,
හනික අරගෙන කතා කෙරුවම “”මැනිකෙ
බුදු සරනයි”” කියා,,
කිව්වේ ඇයි උබ කිසිම දාකදි නොකියු ලෙස
සිනහා වෙලා…………………………….
අමුතු ගතියක් දැනෙනවා මට මූසලයි මගෙ
හිත පුරා,,
එපා අද නන් යන්න අහසට කිව්වේ මන් බොට
ඒ නිසා,,
“”පැටියා එක්කලා හොදින් ඉදහන්”” කියා
දුරකතනේ තියා,,
එපා කිව්වත් ගියේ ඇයි උබ මැරෙන්නද මන්
මෙහි තියා………………………………..
උබේ හුස්මත් හොදට හුරු නිල් අහස් තලයත්
හිනහිලා,,
ඔච්චමට මෙන් විහුලු කෙරුවද වැටෙන උබ දෙස
බල බලා,,
හුස්ම ටික උඩු හුලග අරගෙන යන්න යනකොට
පියබලා,,
කොහොම නන් හිත හදා ගත්තද මැරෙන බව
දැන දැන හිතා……………………………….
පැන්නේ අවසන් පිම්ම බව උබ කලින් ඉදලා
දැනන් ඉන්නැති,,
වැටෙද්දී බිම අපේ පැටියව මවාගෙන ඇස්
පියා ගන්නැති,,
බලා ඉන්නට බැරිම තැන අහසට උනත් ඉකි
බිදුම් එන්නැති,,
එදා දවසෙම අනෝරා වැහි වැස්සේ ඒ දුක
හින්දා වෙන්නැති……………………………
අවසාන පන ටික හෙලද්දී මව් දෙරන
මත වැතිරිලා,,
හුලග අව්දින් අරන් යන්නැති උබව දෙව්
ලෝකේ බලා,,
පතිනියයි මන් වීරයෙකුගේ ගනිමි ඇස්
දැන් පිස දමා,,
බලාපන් ජාතියක් උබ හට වදිනවා අද
දන නමා………………………………
චම්පික කුමාසිරි රනවිරුවනෙනි
ඔබට,
අමාමහ නිවනම අත් වේවා……….???????
රචනය—shashika Sadeep
උපුටා ගැවීම අපේ හමුදාව පිටුවෙන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...