එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට නම යෝජනා වී ඇති කතානායක කරු ජයසූරිය මහතා ස්වකීය අපේක්ෂකත්වය වෙනුවෙන් පක්ෂයට කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව කරු ජයසූරිය මහතා අපේක්ෂකත්වය භාරගන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහත්වරුද රවුෆ් හකීම්, චම්පික, මනෝ ගනේෂන් ආදී සෙසු පක්ෂ සියල්ලද, එකම වේදිකාවකට පැමිණ තමන්ට සහාය දෙන්නේ නම් පමණක් බව පක්ෂයට දන්වා ඇත.
එසේම පක්ෂ කෘත්‍යාධිකාරිය හා මන්ත්‍රී කණ්ඩායම ද ස්වකීය නාමයෝජනාව බෙදීමකින් තොරව අනුමත කළ යුතු බවද ජයසූරිය මහතා කියා තිබේ.
ඒ සම්බන්ධව එ.ජා.පයේ තීරණය පැහැදිලි නැතත් රජයේ හවුල්කාර පක්ෂයක ප්‍රධානියකු සඳහන් කළේ කරු ජයසූරිය මහතාගේ නාමයෝජනාව දැන් ඉදිරියට පැමිණ ඇති බවය.
– Deshaya
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...