පුරවැසි කොලම

යුද අපරාධ චෝදනා විමර්ශනයට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙස නිර්දේශ කළේ සංහිඳියා කාර්ය සාධන බලකායේ පී. සරවනමුත්තු නොහොත් පී, සරා නමැත්තායි.

ඇමෙරිකානු සහ නෝර්වේ තානාපති කාර්යාල සම`ග සබඳතා පවත්වන පී. සරා නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගැන කම්පනයට පත්ව ඇත. පසුගිය අගෝස්‌තු 19 දා ඔහුගේ ඩොලර් අරමුදල් මත යෑපෙන සී. පී. ඒ. හෙවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රජයෙන් ඉල්ලීමක්‌ කරමින් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇත. යහපාලන රජය බලයට පත් වීමත් සම`ගම රටේ ජාතික ආරක්‍ෂාව සහ දේශපාලඥනයන් පාලනය සඳහා එන්. ජී. ඕ. කල්ලිය ඉදිරිපත් විය.

සාධාරණ සමාජය මෙහෙය වූ පොත් වෙළෙන්දෙක්‌ හමුදා බුද්ධි අංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේශ් සැලේ ධුරයෙන් ඉවත් කළේය. ඉන්පසු රජය සංහිඳියා බළකායක්‌ පත්කර ඊට ධර්මසිරි බණ්‌ඩාරනායක නමැත්තකු සහ පී. සරාද ඇතුළු පිරිසක්‌ පත් කරනු ලැබීය.

මේ පසුබිම මැද ජනාධිපති විසින් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගැන පී. සරවනමුත්තු හෙවත් පී. සරා එරෙහි විය.

මේ වසරේ ජනවාරි මස ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව බරපතල චෝදනා එල්ල වී ඇති නිසා ශ්‍රී ලංකා රජය එම පත්වීම ගැන වහාම පියවර ගතයුතු බවත් මේ එන්. ජී. ඕ. කාරයා ප්‍රකාශ කර ඇත.

එම ඉල්ලීමෙන් ඔහු කියන්නේ ජනපති කළ පත්වීම රජය අවලංගු කළ යුතු බවයි. එහෙත් රජය මොහුගේ ඉල්ලීම ඉටු කළ යුතුද? ප්‍රභාකරන් බිහිසුණු මිනිස්‌ ඝාතන සිදුකරන සමයේ සවරිමුත්තු නමැත්තා කොටි සංවිධානයට එරෙහිව වචනයක්‌වත් පැවසුවේ නැත. එසේම ප්‍රභාකරන්ට යුද අපරාධ චෝදනා එල්ල නොකෙරුණි. එසේ නම් රජය මොහුගේ ඉල්ලීමට සවන්දී ශවේන්ද්‍ර සිල්වා ධුරයෙන් ඉවත් කළ යුතුද?

පී. සරා හෙවත් සවරිමුත්තු ප්‍රකාශයට පත් කර ඇති සන්දේශයේ මෙලෙස සඳහන් කර ඇත. ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර මානුෂික නීතිය උල්ලංඝනය කර ඇති බවට ලියවිලි රැසකින් චෝදනා එල්ල විය. 2011 දී එක්‌සත් ජාතීන්ගේ වාර්තාවක ශවේන්ද්‍ර සිල්වාගේ නම සඳහන් විය. 2012 දී මානව හිමිකම් කොමසාරිස්‌ විසින් ජාත්‍යන්තර අපරාධ ගැන ශවේන්ද්‍ර සිල්වා ප්‍රතිචාර දැක්‌විය යුතු බව පවසා තිබුණි.

යළිත් වරක්‌ 2015 දී එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වාර්තාවකට ජෙනරාල් සිල්වාට සහ ඔහුගේ 58 වැනි සේනාංකයට චෝදනා එල්ල විය. එහි සඳහන් වූයේ කිලිනොච්චි, පුදුකුඩුඉරිප්පු, පුදුමාතලන් මුල්ලිවයික්‌කාල් යන ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීම රෝහල්වලට ප්‍රහාර එල්ල කිරීම යුද මුක්‌ත කලාපයට ප්‍රහාර එල්ල වීම සහ සුදුකොඩි චෝදනාවද ඔහුට එල්ල වූ බවයි. එසේම 2015 දී පරණගම කොමිසම විසින් සුදුකොඩි කතාව ගැන ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ ඉල්ලා තිබුණි. 2019 මාර්තු මස ශවේන්ද්‍ර සිල්වා යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානියා වීම ගැනද ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරිය කනස්‌සල්ල පළ කරනු ලැබීය. මෙලෙස එල්ල වූ චෝදනා ගැන පසුගිය රජය සහ වත්මන් රජය ද විමර්ශනය පවත්වා නොතිබුණි. මේ නිසා රජය මෙම පත්වීම ගැන නිරීක්‍ෂණය කළ යුතු අතර පාර්ලිමේන්තු කමිටුවක්‌ විසින් ශවේන්ද්‍ර සිල්වාගේ කටයුතු නිරීක්‍ෂණය කළ යුතුවේ.

පී. සරාගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙම ඉල්ලීම කිරීමට පෙර රජය මේ කේන්ද්‍රයට අරමුදල් සැපයූ රටවල් සහ අරමුදල් වියදම් කළේ කුමන කරුණුවලටද යන්න සහ පී. සරා විදේශ සංචාරවල නිරත වූ රටවල් මෙන්ම එහිදී ඔහු සාකච්ඡා කළේ කවුරුන් සමගද යන්න විමර්ශනය කළ යුතුවේ.

මේ අයුරින් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියාට ඉන්දියාවේ හමුදාපති පත්කිරීමේදී ඊට මැදිහත් වීමට ඉඩ ලැබේද?

එසේම පී. සරා. තම සන්දේශයෙන් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ක්‍ෂේත්‍රය සහ බුද්ධි සේවාව ප්‍රතිසංස්‌කරණය කළ යුතු බව කියා සිටී. ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාවට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කරද්දී කටවසාගෙන සිටි පී. සරාට ආරක්‍ෂක ක්‍ෂේත්‍රය සහ බුද්ධි සේවාව ප්‍රතිසංස්‌කරණය කළ යුතු යෑයි පැවසීමට හිමිකමක්‌ නැත.

ඒ ඔහු කිසිදු රැකියාවක්‌ නොකරන නිකම්ම නිකම් එන්. ජී. ඕ. කාරයකු නිසාය.

රටේ ආරක්‍ෂාව සහ බුද්ධි සේවාව ප්‍රතිසංස්‌කරණය කළ යුතු යෑයි ඉල්ලා සිටින්නේ මොහු කවුරුන් යෑයි සිතාගෙනද?

නව හමුදාපතිට එරෙහි චෝදනාවලද පසුබිමේ සිටින්නේ කොටි ඩයස්‌පෝරාව සහ යස්‌මින් සුකායි. ඔවුන්ට අමුද්‍රව්‍ය සපයා ඇත්තේ මෙරට රාජ්‍ය නොවන සංවිධාන කල්ලියයි.

මෙවන් පසුබිමක්‌ මැද ශ්‍රී ලංකාවට හමුදාපතිවරයකු පත් කර ගැනීමට පවා නොහැකි අයුරින් කොළඹ විදේශ තානාපතිවරු හමුදාපති පත් කිරීමට එරෙහි වී ඇත.

මෙයට පෙර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු නිලධාරියා එවකට සිටි ජනපති ඡේ. ආර්. ජයවර්ධන විසින් පිටුවහල් කරනු ලැබීය.

ඉන්පසු ජනපති ආර්. ප්‍රේමදාස යටතේ බ්‍රිතාන්‍ය තානාපති ඩේවිඩ් ග්ලැස්‌ටොන් මැතිවරණ කටයුතුවලට මැදිහත් වීම නිසා පිටුවහල් කර ඇත. එහෙත් දැන් සිදුවන්නේ කුමක්‌ද?

ඇමෙරිකානු නෝර්වේ ස්‌විට්‌සර්ලන්ත කැනඩා ප්‍රමුඛ යුරෝපා සංගම් තානාපතිවරු ජනාධිපතිවරයාට අභියෝග කරමින් හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට එරෙහි වී ඇත.

මේ අන්දමට ඉන්දියාවේ සිටින විදේශ තානාපතිවරු අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝග කරනු ඇතැයි කිව හැකිද?

මින් තහවුරු වන්නේ විදේශ තානාපතිවරු වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමයි. එහෙත් අපේ රටේ කටයුතුවලට උපදෙස්‌ දීමට නුඹලා කවුදැයි ඇසීමට රජය ඉදිරිපත් වී නැත.

හමුදාපති පත්කිරීම ගැන ඇමෙරිකානු තානාපතිනිය විරෝධය පළ කරද්දී zzඇලෙයිනා නුඹලාගේ හමුදාව ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ දැමුවා.ZZ සර්බියාවේ නගර රැසකට ගුවන් ප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් මැරුවා ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිගේ හමුදාවේ දකුණේ කැරලිකරුවන් විශාල පිරිසක්‌ මරා දැමුවා.ZZ ඒවා යුද අපරාධ නොවේ දැයි විමසීමට රජයේ කිසිදු දේශපාලකයෙක්‌ ඉදිරිපත් වී නැත.

මෑතකදී ඇµaගනිස්‌ථානයේදී ඇමෙරිකානු හමුදාව සිදු කළ යුද අපරාධ ගැන හෙළි වෙද්දී ජාත්‍යන්තර අධිකරණය ඒ ගැන විමර්ශනය කිරීමට ගත් තීරණය ගැන ඇමෙරිකානු රජය එරෙහි විය.

එහිදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික්‌ පොම්පියෝ පැවසූවේ. කිසිදු ඇමෙරිකානු සෙබළෙක්‌ අධිකරණයක්‌ වෙත ගෙන යැමට ඉඩ නොදෙන බවයි. එසේ නම් එම ක්‍රියාදාමය ශ්‍රී ලංකාවට බලපාන්නේ නැද්ද? මේ තත්ත්වය මැද යුද අපරාධවලට සම්බන්ධ කොටි විශාල පිරිසකට යුරෝපා රටවල සහ කැනඩාවේ දේශපාලන රැකවරණ ලැබී ඇත. මේ කොටි මිනීමරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල වී නැත. එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 10 කටද යුද අපරාධ චෝදනා එල්ල වී ඇත. මෙම රටවල හමුදා නායකයන්ට මේ දක්‌වා යුද අපරාධකරු ලේබලය ඇලවීමට මානව හිමිකම් කොමසාරිස්‌වරිය ක්‍රියා කර නොමැත.

එහෙත් අපේ හමුදාව පාවාදුන් සතුරන් මෙරටද සිටිති. මේ එම පිරිසයි.

හිටපු මේජර් ජෙනරාල්වරයෙක්‌

රජයේ පුවත්පතක සේවය කළ මාධ්‍ය පාර්ශ්වයක්‌

හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර

පුද්ගලික විද්යුත් නාලිකාවක රංගනයේ යෙදෙන ද්‍රවිඩයෙක්‌.

උතුරු පළාත් මහ ඇමැතිව සිටි විග්නේශ්වරන්

යාපනය කොටි හමුදා නායකව සිටි තීපන්ගේ මස්‌සිනා වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්

උතුරේ කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් වූ සුමන්තිරන් සහ සම්බන්ධන්

රජයේ ඉංග්‍රීසි පුවත්පතක කතුවරිය

එම ඉංග්‍රීසි පුවත්පතේ සේවය කරන ඇමෙරිකානු හා ඉන්දීය කාන්තාවන් දෙදෙනා

කොළඹ පුංචි බොරැල්ලේ පොත් සාප්පු වෙළෙන්දෙක්‌

ඝාතන රැසක්‌ම සිදු කළ එලිලල නමැති කොටි හමුදා නායකයාගේ බිරිය වූ ආනන්දි සසිතරන්

මේ හැර ලන්ඩනයේ බී. බී. සී. සිංහල සේවයටද ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් කිරීම ගැන මහත් රුදාවක්‌ ඇති වී තිබේ. මෙයට වසර ගණනකට පෙර යාපනයට ගිය මාධ්‍ය කණ්‌ඩායමේ කොටි හිතවාදීන්ද සිටින බව අප හෙළිකළ විට බී. බී. සී. සේවයේ අයෙක්‌ හමුදා ප්‍රකාශක අමතා අපට එරෙහිව ක්‍රියා නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කර ඇත.

එසේම ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව නොකඩවා යුද අපරාධ චෝදනා එල්ල කළ බී.බී. සී. සිංහල සේවයේ තවත් අයෙක්‌ මහින්ද රාජපක්‍ෂ සමයේ මාධ්‍යවේදියාට වාහන ණය ලබාදීමේ ක්‍රමවේදයට ඉල්ලුම් පතක්‌ යොමු කර තිබියදී අපට අසුවිය.

මේ තත්ත්වය මැද බී. බී. සී. සේවය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්ට එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා ගැන හඬ නොනගන්නේ මන්ද? ටෝනි බ්ලෙයාර් යුද අපරාධකරුවෙකි. එසේම සින්යෙන් සංවිධානයේ නායක ජෙරි ඇඩම්ස්‌ද යුද අපරාධකරුවකු බව හෙළි විය. ශවේන්ද්‍ර සිල්වා ගැන හඬන`ගන බී. බී. සී. සිංහල සේවය වසර ගණනකට පෙර සිදු වූ බටලන්ද ඝාතන ගැන නිහඬ වී තිබේ.

වීදුරු ගෙවල්වල සිට ස්‌ටර්ලින් පවුම් වෙනුවෙන් මෙරටට ගල් ගැසීමට කටයුතු කරන බී. බී. සී. සේවය ද්‍රවිඩ සංධානය යුද අපරාධකරුවන් යෑයි පැවසීමෙන් ඵලක්‌ නැත.

නව හමුදාපතිට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන පාර්ශ්ව ඉන්දියාවේ අම්රිත්සාර්හි සික්‌වරුන්ගේ රන්දෙවොල කාලිස්‌තාන් ත්‍රස්‌තයන්ගෙන් මුදා ගැනීමට මෙහෙයුම දියත් කළ ජෙනරාල් අරුන් විද්‍යාට යුද අපරාධ චෝදනා එල්ල වුවත් ඉන්දීය රජයේ බලපෑම් මැද එම චෝදනා වසන් වූ බව සිහිපත් කළ යුතුය.

එසේම මේ පාර්ශ්ව ප්‍රභාකරන් යුද අපරාධකරුවකු ලෙස හඳුන්වා නැත. ප්‍රභාකරන්ගේ බිහිසුණු ඝාතනවලට සම්බන්ධ ඇඩෙලා බාලසිංහම් ජීවත්වන්නේ බ්‍රිතාන්‍යයේයි. එහෙත් ඇයට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බව පැවසීමට බී. බී. සී සේවය ඉදිරිපත් වී නැත.

මෙයට අමතරව කොටි කාන්තාවක්‌ වූ උතුරේ ආනන්දි සසිතරන් කොටි කාන්තා බළකායේ අපරාධවලට වගකිව යුතු වේ. එහෙත් ඇයට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර නැත. මින් තහවුරු වන්නේ සැබෑ යුද අපරාධකරුවන් ගැලවී ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් කළ හමුදා නිලධාරීන් යුද අපරාධකරුවන් වීමය.

කීර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More