දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා කථානායක කරු ජයසූරිය මහා මහතා අතර හමුවක් සංවිධානය කිරීමට දෙපාර්ශවයේ පිරිසක් මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තාවේ.

මීට පෙර ජනාධිපති වරයා කතානායකවරයා හමු නොවී සිටීමේ දැඩි ස්ථාවරයක සිටිය ද මේ වන විට ලැබෙන ඉල්ලීම් අනුව එම ස්ථාවරය වෙනස් කර ඇතැයි වාර්තා වේ.
ඔවුන්ගේ හමුවීම රහස් සාකච්ඡාවක් නොවනු ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගය වාර්තා කරයි. මේ සාකච්ඡාවේ අරමුණ 2015 දී පරාජයට පත්කළ රාජපක්ෂ මතවාදය 2019 දීද පරාජයට පත්කිරීම බව පැවසේ.

මේ අතර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කිරීම සඳහා සහ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබා නොදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බවද සති අන්ත අරුණ පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 22 වැනි දා රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති බවද එහි දැක්වේ. රැස්වීම් පවත්වා ඇත්තේ විනාඩි විස්සක පමණ කාලයක් බවත් එහිදී මෙම ඉල්ලීම ඉටු කිරීමට අවධානය යොමු කරන ලෙස හිටපු ජනාධිපතිනිය ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව පැවසේ.
හිටපු ජනාධිපතිනිය සහ ජනාධිපතිවරයා අතර සෘජු සාකච්ඡාවක් මෙලෙස පැවැත්වුණේ වසරකට පමණ පසුව බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More