මුහුණු පොතෙන්

ජංගම දුරකථනයෙන් ‘චැට්‌’ කරමින් කාලය ගත කිරීම නොඉවසූ සැමියකු තම බිරිඳගේ කන සපා කා පාඩමක්‌ ඉගැන්වීමේ අපූරු පුවතක්‌ ගලේවෙලින් වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ සැමියා තම බිරිඳ කාලයක්‌ තිස්‌සේ ඇගේ ජංගම දුරකථනයෙන් ‘චැට්‌’ කරන අයුරු බලා සිටියේ නොරිස්‌සුම් සහගතවය. ‘චැට්‌’ කිරීමේ අවසන් ප්‍රතිඵලය පවුල් අවුල් වීම බව සැමියා තේරුම් ගෙන තිබිණි. ඔහුගේ බිරිඳද ගෙදරදොරේ හා දරුවන්ගේ වැඩ කටයුතු පවා අතපසු කර ‘චැට්‌’ කිරීමට ඇබ්බැහි වී සිටියාය. ඇතැම් අවස්‌ථාවල ගෙදරදොරේ කරන ඉවුම් පිහුම් පවා අතපසු කර හෝටල්වලින් කෑම පාර්සල් ගෙන්වා ආහාරයට ගැනීමට ඔවුන්ට සිදුවී තිබිණි.

මේ නිසා තම බිරිඳගේ ජංගම දුරකථනය ඇගේ විරෝධය මැද ඉවත් කිරීමට පියවර ගත්තේය. කාලයක්‌ ගිය නමුත් බිරිඳගේ ඉරියව්වල වෙනසක්‌ නොවූ තැන සැමියා ඒ ගැන විමසිල්ලෙන් සිටියදී යළිත් ඇය ජංගම දුරකථනයකින් පුරුදු පරිදි ‘චැට්‌’ කිරීමට පටන් ගෙන ඇති බව සොයා ගත්තේය. තම පවුලේ අනාගතය ගැන සිතා ජංගම දුරකථනය ඇගෙන් ඉල්ලා සිටියත් ඇය එය දීම තරයේ ප්‍රතික්‌ෂේප කළාය. අවසානයේදී ඔහු ජංගම දුරකථනය උදුරා ගැනීමට බිරිඳ සමඟ පොරබදා ඇත. එය ඉතා දරුණු අන්දමින් සිදුවූ අතර එය කොතරම් ද යත් බිරිඳගේ කනක කෑල්ලක්‌ සපා කෑමට සැමියා පෙළඹී ඇත. අනතුරුව බිරිඳ ශරීරය පුරා සපා කෑමෙන් ඇති වූ තුවාල සහිතව පොලිසියට පැමිණ පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳව පසුගිය 20 වැනිදා පරීක්‌ෂණයක්‌ පැවැත්වූ ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක රුක්‌ෂාන්ත පෙරේ¨රා මහතාගෙන් එම බිරිඳ ඉල්ලා සිටියේ දරුවන් ගැන සිතා සැමියා සමඟ සමාදාන වීමට කැමැති බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල සමථ මණ්‌ඩලයට යොමු කිරීමටත් වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් පියවර ගන්නා බව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More