දේශීය පුවත්

යුද අපරාධ හා මානව හිමිකම් කඩ කළ බවට චෝදනා එල්ල වී ඇති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ජනාධිපතිවරයා කඩිනමින් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් ද බොහෝ චෝදනාවන් එල්ලවී ඇති බවත් එසේ චෝදනා එල්ල වී තිබියදී ඔහු යුද හමුදාපති ධුරය සඳහා පත් කිරීමට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර සංවිධාන සහ ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක්‌ ද සිය විරෝධය හා අප්‍රසාදය පළ කරනු ලැබූ බවත් ආර්.සම්බන්ධන් මහතා සඳහන් කළේය.

මහේෂ් සේනානායක මහතාගේ විශ්‍රාම යැමෙන් පසුව නව යුද හමුදාපතිවරයා වශයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම පිළිබඳ අදහස්‌ දක්‌වමින් ඊයේ (23 දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක්‌ ලබා දෙමින් ආර්. සම්බන්ධන් මහතා මෙම අදහස්‌ ප්‍රකාශ කර සිටියේය.

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුකළ බවට චෝදනා එල්ල වූවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඔවුන් වරදකරුවන් ද නිවැරදිකරුවන් ද යන්න සනාථ කරගනිමින් වරදකරුවන්ට නීතිය ඉදිරියේ දඬුවම් පැනවිය යුතු බවත් එසේ සිදුකළ යුතුව තිබියදී යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් සිදුකළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකුට යුද හමුදාවේ ඉහළම පදවිය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

චෝදනා එල්ල වී ඇති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැනි පුද්ගලයකුට ලබාදී ඇති යුද හමුදාපතිධුරය අත්හිටුවා රජය ඔහු ධුරයෙන් ඉවත් කළ යුතු බවත් කියා සිටි ඒ මහතා ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක්‌ කළ යුතු බවත් ඉන් ඔහු වරදකරුවකු වෙනවා නම් දඬුවම් කළ යුතුව ඇති බවත් එසේ නොවේ නම් යුද හමුදාපතිධුරය සඳහා පත්කළ හැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More