දේශීය පුවත්

පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දෙන බව පංච පුද්ගල විනිසුරු මඩුල්ල අද ප්‍රකාශ කළේ ය.

ඒ, සීමා නීර්ණ වාර්තාව නොමැතිව පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි දැයි ජනාධිපතිතුමා, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ විමසීම සම්බන්ධයෙන් අද පැවති විභාගය අවසන් කරමිනි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම නඩුව සලකා බැලිනි.

එම අයැදුම්පතට අතරමැදි පාර්ශවකරුවෙකු ලෙස මැදිහත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පන් මහතා පෙත්සම් විභාගයේදී විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේ සීමා නීර්ණ කමිටු වාර්තාව ඇතිව හෝ නොමැතිව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයාට අයිතියක් නොමැති බව ය.

එය කළ යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව බව ඔහු පෙන්වා දුන්නේ ය.

විත්තියේ නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 2017 අංක 17 දරණ පළාත් සභා පනත මේ වන විට පාර්ලිමේන්තුව විසින් සම්මත කළ බලාත්මක නීතියක් බවට පත් වී ඇති බව ය.

ඒ අනුව පළාත් සභා සීමා නීර්ණ කටයුතු පාර්ලිමේන්තුව තුළ තවදුරටත් සිදු වන බව එහිදී පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සීමා නීර්ණ කටයුතු අවසන් වූ පසු එකී නිර්දේශයන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වනු ඇති බවත් එම නිර්දේශයන් ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව පවතින බවත් අධිකරණයට පෙන්වා දුන්නා ය.

සීමා නීර්ණ වාර්තාව පාර්ලිමේන්තුව වැඩි ඡන්ද 139කින් ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නැවත අධ්‍යයනය කිරීම සඳහා කථානායකවරයා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු අතරමැදි පාර්ශවකරුවන් 13 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේදී ප්‍රකාශ කළහ.

අගමැතිවරයා ප්‍රමුඛ පංච පුද්ගල අතුරු කමිටුවේ නිර්දේශ වාර්තාව පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර නොමැති අවස්ථාවක පාර්ලිමේන්තු ක්‍රියාදාමය මගහැර පළාත් සභා ඡන්දයක් පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිමය ඉඩක් නොමැති බව ද අතරමැදි පාර්ශවය නියෝජනය කළ නීතිඥවරු එහිදී අධිකරණයට දැනුම් දුන්හ.

ව්‍යවස්ථාදායකයේ හෝ වෙනත් පාර්ශවයක අඩුපාඩුවක් නිසා දිනෙන් දින මැතිවරණය කල් දැමීම ජනතාවගේ සර්වජන ඡන්දය භාවිත කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බව එහිදී අතරමැදි පාර්ශවකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරමින් අවධාරණය කළේ සීමා නීර්ණ වාර්තාව නොමැතිව පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්විය හැකි බව ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More