සතොස ආයතයේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය වහා ක්‍රියා කළ යුතු බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව කියා සිටියේ සතොස ආයතනය පිළිබඳ කළ පැමිණිලිවල ප්‍රගතිය විමසීමට පොලිස් මූලස්ථානය වෙත අද(23) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
සතොස ආයතනයේ සිදුව ඇතැයි පවසන අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ පැමිණිලිවල ප්‍රගතිය පිළිබඳ විමසීමට රාවණා බලය සංවිධානය, සිංහලේ සංවිධානය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණියේය.
මේ අතර සතොස ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ ඊයේ අනාවරණ වූ කරුණු පිළිබඳ විමසීමට සිංහලේ ජාතික සංවිධානය ද අද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...