විදේශ පුවත්

ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරය වාර්තාගත ආකාරයෙන් ගිනිගනිමින් පවතී.

එය සති තුනක පමණ කාලයක් තිස්සේ, එනම් 19 වන දිනටත් තවදුරටත් ගිනි ගනිමින් පවතී. චන්ද්‍රිකා දත්ත අනුව ගිනිගැනීම් 84%ක් වර්ධනය වී ඇති බව එරට ජාතික අභ්‍යවකාශ අධ්‍යයනය ආයතනය පැවසුවේය.

2013 සිට මේ දක්වා වූ ගිනිගැනීම් වලින් ඉහළම අගය වාර්තාවන්නේ, ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ වූ ගිනිගැනීම් 74,000ක් සම්බන්ධයෙන් බවත්, ඇමසන් වන ප්‍රදේශය ආශ්‍රිතව වනාන්තරවල ගිනිතැබීම් 9,500ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට වාර්තා වී ඇති බවත් ගණන් බලා ඇත.

ඇමසන් වනාන්නතරය ගිනිගැනීමෙන් නැගුණු දුමාරය සාඕ පාවුලෝ නගරයේ කිලෝමීටර 2,700ක පමණ දුරකට විහිදී තිබිණි. ‍

ලෝකයේ ඔක්සිජන් ප්‍රතිශතයෙන් 20%ක් සපයනු ලබන්නේ ඇමසන් වැසි වනාන්තරය මගිනි. ඇමසන්හි ඇතිව තිබෙන ව්‍යසනය ලෝක කාලගුණයට ඉදිරියේදී දැඩි ලෙස බලපානු ඇති බව පරිසර විද්‍යාඥයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More